
කොළබ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ හදිසි පිපිරීමක් සිදු වූ අතර ඉන් අනතුරුව මේ වෙන විට දිවඉනේ ස්ථාන හයකින් පමණ හදිසි පිපිරීම් වාර්තා වෙයි.
මෙම පිපිරීම් සිදුව ඇත්තේ කතෝලකි දේවස්ථාන තුල සහ හෝටල් කීපයක බව අපට තහවුරු විය..
එම පිපිරීම් සිනමන්ග්රෑන්ඩ් හෝටල් පරිශ්රයේද, සැන්ග්රීලා හෝටල් පරිශ්රයයේද
කින්ග්ස්බරි හෝටල් පරිශ්රය අසලද
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළද
මීගමුව කටුවාන දේවස්ථනය තුලද
මඩකළපුව සිවෝන් දේවස්ථනය අසලද මෙලෙස පිපිරීම් සිදුව ඇත..
මේ වන විට (2019/04/21) (10.38 Am) කොළබ ජාතික රෝහල තුලට ඇතුලත් කල රෝගීන් 24ක් පමණ මියගොස් ඇති අතර කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙතද රෝගීන් පිරිසක් යවා ඇත. මඩකළපුව රෝහල ට ඇතුලත් කල රෝගීන් 25 දෙනෙකුන් මියගොස් ඇති බව වාර්තා වේ..
මේ පිලිබද වැඩිදුර විස්තර ඉදිරියේදී බලා පොරොත්තු වන්න.



කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවක මහජනතාව ඉතා විමසිල්ලෙන් සහ සාමකාමීව පසු වෙන ලෙසත් පිපිරීම් සිදුවන ස්ථාන තුලින් හැකි ඉක්මනින් ඉවත් වෙන ලෙසත් සිව්හෙළේ වෙබ් මාද්ය ජාලයේ අප ඔබෙන් ඉල්ලා සිටිමි.
(ජනක තරංග හේවාසූර විසිනි)
No comments:
Post a Comment